දින 04 ක් අතුරුදන්ව  සිටි දරුවාට  සිදු වෙලා තියන  දේ

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවාකතරගම අක්කර 20 ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය පවසනවා .
ආදාල දරුවගේ මව මීට මාස කීපයකට පෙර විදේශගත වී තිබෙන අතර ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබෙනවා .
පසුව මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූවා.
menu
menu