කොරියානු විභාගය සමත් වූවන්ට දැනුම් දීමක්

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල ලබන 27 වනදා www.slbfe.lk වෙබ් අඩවියේ පල කෙරෙනවා.

විභාගය සමත් වූවන් සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ලබන 28 වැනිදා පැවැත්වෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

කොරියානු භාෂා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් අතරින් 95.6% සමත් වී තිබෙනවා.

කොරියාවේ විදේශ රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂාවෙන් සිටි තරුණයින් සඳහා පැවති මෙම භාෂා විභාගයට අපේක්ෂකයින් 3,580 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් අපේක්ෂකයින් 3,422 දෙනෙකු සමත් වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

විභාග සමත් වූ අපේක්ෂකයින් සදහා වන සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 සහ 10 දිනයන්හිදී විගමනික මධ්‍යස්ථාන, පුහුණු මධ්‍යස්ථාන සහ පළාත් කාර්යාලවලදී පැවැත්වෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.

menu
menu