ගින්නක්  පුද්ගලයන් 27 දෙනෙකු  මරුට  කුඩා ළමුන්  12 ක් ඒ අතර  

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ හටගත් ගින්නෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
මියගිය පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජ්කොට් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක එම ගින්න හටගෙන තිබුණේ
ගින්නෙන් මියගිය බොහෝ පුද්ගලයින්ගෙන් සිරුරු හඳුනාගැනීමට නොහැකි ලෙස පිළිස්සී ගොස් තිබූ බව සඳහන්ය.
එම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පංච පුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
menu
menu