දිලිත් - ගම්මන්පිල - විමල් ඇතුළු පිරිසක් අලුත්  වැඩක්

එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා ගනු ලැබුවා.

එම සන්ධානය නම් කර ඇත්තේ ‘සර්ව ජන බලය’ නමින්. පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ඒ සඳහා අද ගිවිසුම්ගත වුණා.

සර්ව ජන බලය දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට එම පක්ෂ සහ සංවිධානවල නායකයින් එහිදී අත්සන් තැබුවා. එම උත්සවය පැවැත්වුණේ කොළඹ පිහිටි හෝටලයකදීයි

menu
menu