ලෝක කුසලානයට සූදානම් වන ශ්‍රී ලංකා  කණ්ඩායමට අදත් විශේෂ දවසක්

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය අද පැවැත්වෙනවා.

ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදීයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ අයර්ලන්ත කණ්ඩායම සමඟයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට පමණ තරඟය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරඟය ජයගනු ලැබුවේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

ඒ, ලකුණු 20කින්. එම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 181ක් රැස්කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

මේ අතර ඇෆ්ගනිස්ථානය සහ ඉස්කොට්ලන්ත කණ්ඩායම් අතර පුහුණු තරඟය ද අද පැවැත්වෙනවා

menu
menu