ජර්මනියේදී පිහි ඇණුම් ප්‍රහාරයක්: 06 දෙනෙකුට තුවාල

නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා .
එලෙස තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ජර්මනියේ ජනප්‍රිය ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකුවන මයිකල් ස්ටර්සන්බර්ගර්ය
ඔහු සිය කණ්ඩායම සමගින් මැන්හයිම් නගරයේදී ඉස්ලාම් විරෝධී රැළියක් ඊයේ පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට මුහුණ දි තිබෙන්නේ
අදාළ ප්‍රහාරකයා පුද්ගලයින්ට පිහියෙන් ප්‍රහාර එල්ල කරමින් පැමිණෙමින් සිටියදී, නිරායුද වැසියන් බේරාගැනීමට යාමේදී පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයෙන් ඔහුගේ තත්ත්වය බරපතල බවයි ජර්මානු වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් සෙසු පොලිස් නිලධාරීන් මැදිහත්වී ප්‍රහාරකයා සිය ග්‍රහණයට නතුකරගැනීම සඳහා වෙඩි තබා ඇති අතර, ඒ හේතුවෙන් ඔහුද තුවාල ලබා ඇත.ඉස්ලාම් විරෝධියෙකුට
menu
menu