විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි.

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් ක්‍රිඩාංගණයේදීයී.

මෙම තරඟය පැවැත්වෙන්නේ ඩී කාණ්ඩයේ තරඟයක් ලෙසයි.

ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද මෙම තරඟාවලියේ සහභාගි වන පළමු තරගය ද මෙය වනවා.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටින ප්‍රධාන කණ්ඩායම් දෙකක් මෙවර ලෝක කුසලානයේදී එකිනෙකා මුණගැහෙන පළමු අවස්ථාවද මෙයයි.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 08ටයි.

menu
menu