ජාතික ජනබලවේගයේ  පිරිසක් බුද්ධි අංශ නිලධාරියාට පහර දෙයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී දෙවෙනිදා පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.

එහිදී බුද්ධි අංශයේ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබු ජීප් රථයකට නැගී බේරී පැන ගොස් ඇතැයි වාර්තා වනවා.

ජනරැලිය ඇමැතීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එදින සවස 6.00ත් - 06.30 ත් අතර කාලයේදී පැමිණ තිබෙනවා.

දිසානායක මහතා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගැනීමේදී පිවිසුම් දොරටුව අසල සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියා ජායාරූප ගැනීමට යාමේදී මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ප්‍රශ්න කිරීමත් සමඟම අවට සිටි පිරිස් ඔහුට පහර දුන් බවත් එහිදී තමා කවුද යන්න පවා නොපවසා දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් උත්සවයට සහභාගිවූ පිරිසක් පවසා සිටියා.

සිද්ධිය පිළිබඳව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී "මෙතැනදී යම් සිදුවීමක් වෙලා තිබෙනවා.

ඒත් මම කොළඹට ඇවිත් ඉන්න නිසා ඒ සම්බන්ධව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගෙන් අහන්න, ඔහු සිද්ධිය හොදාකාරවම දන්නවා" යැයි පවසා ඇති අතර, කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ "සිවිල් ඇදුමෙන් ජායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත ප්‍රශ්න කිරීමක් කරලා තිබෙනවා.

එතැනදී අපි ඉදිරිපත් වෙලා ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතුවූ සැකය ඉවත් කර දුන්න බවයි.

https://monara.com/sri-lanka/the-intelligence-wing-is-secretly-videotaping-a-meeting-of-the-national-peoples-army

menu
menu