අපිට වැරදුනා කතා කර ගන්න බැරි උනා  පරාජයට හේතු කියන  වනිදු හසරංග

පළමුව පන්දුවට පහර දී දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ගත් තිරණය සියලුම දෙනා සාකච්ඡා කර ගත් තිරණයක් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක වනිඳු හසරංග පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මෙය හොඳ ආරම්භයක් නොවන බවත්, ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කර ජයගැනීමට බලාපොරොත්තු වන බවත් වනිඳු හසරංග කියා සිටියා
ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ශක්තිමත් පන්දු යැවීමේ බල ඇණියක් සිටින බවටයි, ඔහු වැඩිදුරටත් පැවසුවා
ඔවුන් විසින් ලබා ගත් කුඩා ලකුණු සංඛාව ආරක්ෂා කරගැනීමට සඳහා ඉතා හොඳින් පන්දු යවනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලකුණු 120ක් හෝ 125ක් ලබා ගත්තේ නම් තරගයේ ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබූ බවයි, ‌වනිඳු හසරංග පෙන්වා දුන්නේ
menu
menu