මාධ්‍යවේදියෙකුගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධනගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී හමුවී තිබෙනවා.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඔහු දින දෙකක් තිස්සේ නිවසින් අතුරුදන් වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, ඒ බව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති බව පොලීසිය පවසනවා.

ඔහුගේ මියයාම සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසීය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඉඳුනිල් ජයවර්ධන , ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කර තිබෙනවා

menu
menu