17 හැවිරිදි  පාසල් සිසුවාගේ පහරින්  15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට‍

හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් ඝාතනයක් සිදුව තිබෙනවා පොලිසිය පවසනවා .
පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවා මියයෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කළ බවයි
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්
ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබිණි.
එහිදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ සිසුවාට පහරදී තිබෙන බවයි වර්තා වන්නේ
මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් ගැටුමට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා .
කෙසේවෙතත් 15 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා ව මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
menu
menu