දරු උපත් අනුපාතය අඩු වීම නිසා පාසල් වල සිදුවුණු  වෙනස



මේ වසරේ අගෝස්තු මස පැවැත්විය යුතු උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස පවත්වා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ 2025 වර්ෂය වන විට නියමිත පරිදි අදාළ කාලයේ දි උසස් පෙළ විභාගය පවත්වන බවයි.

පසුගියදා අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ද සැප්තැම්බර් වන විට නිකුත් කළ හැකි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව 2025 වර්ෂය වන විට විභාග කාලසටහන යථා තත්වයට ගෙන ආ හැකි බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ.

ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළපොත් සඳහා ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට මේ වන විටත් ඇනවුම භාර දී තිබෙනවා.

පසුගිය 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සියයට 70ක් චීන රජයේ ප්‍රදානයක් ලෙසයි ශ්‍රී ලංකාවට හිමි වුණේ.

මෙම වර්ෂයේ දී එම ප්‍රදානය සියයට 80 දක්වා වැඩි කරගැනීම අපේක්ෂාවයි. ලබන වසරේ නිල ඇඳුම් ලබාගැනීම වෙනුවෙන් ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියා.

එසේ ම මීට වසර 10කට පමණ පෙර සිට තුන් ලක්ෂ විසි දහසක් ව පැවති මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ තුනකට පමණ අඩු වී ඇති බැවින් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අඩු වී ඇති බව අමාත්‍යවරයා පැවසුවා

menu
menu