හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය

රෙදි මැසීමේ යන්ත්‍රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා
නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන නිශානි පියුමිකා ඊයේ පාසල නිමවී නිවසට පැමිණ තිබුණේ සිය නැගණියද සමඟයි
සිය මිත්තණිය භාරයේ හැදී වැඩුණු නිශානි නිවසට පැමිණි පසුව, අක්‍රීය තත්ත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා තිබුණා
ඒ මිත්තණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් යාබද කාමරයේ නිදාගෙන සිටි අවස්ථාවකය
සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය සහ වයරය සම්බන්ධ විදුලි පේනුව කාමරයේ බිත්තියට සවිකර තිබූ කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇති බව පැවසෙයි.
අනතුරුව වයරයට සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමඟින් පාදාගත් වයර් කොටස් දෙක කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සිසුවියට විදුලි සැර වැදී ඇති බව සඳහන් ය.
විදුලි සැර වැදීමත් සමගම කාමරයේ වැටී සිටි සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබුණි.
සිද්ධියෙන් මියගිය නිශානි පියුමිකාගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ මියගොස් ඇති අතර, මව සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් ඇති බව පිළියන්දල පොලීසිය සඳහන් කළා
menu
menu