අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත තුන් වන වාරිකය සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එහි නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පැවසුවේ අදාළ වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී ප්‍රකාශයට පත් කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය අද සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඉන් පසුවයි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තුන් වන ණය වාරිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වන්නේ.

තුන් වන ණය වාරිකය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

menu
menu