මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ඒ අනුව ඇය මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙවර දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා ස්කොට්ලන්තයේ කැත්‍රයන් බර්සි සහ එංගලන්තයේ සොෆී එක්ල්ස්ටෝන් යන අයගේ නම් යෝජනා වී තිබුණා.
චමරි අතපත්තු පසුගිය වසරේ සැප්තැම්බර් මස ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගත්තා.
මැයි මාසයේ දී තරග හතරකට ක්‍රීඩා කළ ඇය එහි දී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 151ක්.
එහි දී ඇය විසින් කඩුලු 06ක් දවා ගැනීමටයි සමත් වී තිබෙනවා
menu
menu