බැඳලා දවස් 4යි- මනාලිය පැහැරගෙන

විවාහ මංගල්‍යයෙන් දින හතරකට පසු මනාලිය නිවෙසේ සිටියදී ඊයේ (16) උදෑසන පැහැරගෙන පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ පැහැරගෙන ගිය මනාලිය 20හැවිරිදි තැනැත්තියක වන අතර,ඇය පැහැරගෙන ගොස් ඇත්තේ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇයගේ පියා පොලිස් නිලධාරියකු බවත් පොලිසිය කියයි.
අලුත විවාහ වූ මෙම මනාලිය ඊයේ උදෑසන මිදුල අතුගාමින් සිටිය අතරවාරයේ වෑන් රථයකින් පැමිණි තිදෙනකු ඇය ඇදගෙන ගොස් බලහත්කාරයෙන් දමාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.මේ අවස්ථාවේ මනාලිය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීම ඇසී නිවැසියන් සහ අසල්වාසීන් කිහිප දෙනකු එද්දී වෑන් රථය පලා ගොස් ගොස් ඇතැයි පොලිසිය කියයි.
මීට දින හතරකට කලින් විවාහ වූ මනාලිය කිසියම් පිරිසක් පැහැරගෙන පලා යන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි මහතාට තොරතුරක් ලැබී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාට දැනුම් දීමෙන් පසු අවට පොලිස් ස්ථානවලට මේ බව දැනුම් දී පැහැරගෙන යන තිදෙනා අත්අඩංගවට ගැනීමට පොලිස් මාර්ග බාධක යොදවා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
menu
menu