පරාජයේ වගකීම බාර ගනිමින් බාබර් අසාම් නායකත්වයේන්  ඉල්ලා  අස්වෙයි ද ?

තමා තවදුරටත් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීම හෝ නොකිරීම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු තීරණයක් බව බාබර් අසාම් එරට මාධ්‍යයට පවසා තිබෙනවා .
පාකිස්තාන කණ්ඩායමට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවීමත් සමග කණ්ඩායම් නායකත්වය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ වී තිබුණා
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සඳහන් කර ඇත්තේ තරගාවලිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි
කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා නොකළ බව ප්‍රකාශ කර ඇති බාබර් අසාම්, තරග පරාජය එක් පුද්ගලයෙකුගේ වරදක් නොවන බව ද පෙන්වා දී තිබේ.
menu
menu