අඹු-සැමි යුවල දෙකක් එකම නිවසකට වී නිරුවත චීනයට විකුණලා

අන්තර්ජාලය ඔස්සේ නිරුවත අලෙවි කරමින් මුදල් උපයූ අඹු-සැමි යුවල දෙකක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔවුන් මෙම වැටලීම සිදුකරන විටත්, එම පිරිස ලිංගික දර්ශනයට සූදානම් වෙමින් සිටි බවයි.

පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනමට ගත් නිවසකට වී මෙම අඹු-සැමියන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් දිවා රාත්‍රී දෙකේම සජීවීව සිදුකරන ලිංගික දර්ශන අන්තර්ජාලය හරහා චීන සමාගමකට විකුණා ඇත.

ඒ වෙනුවෙන් අදාල චීන සමාගම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ඩොලර්වලින් මුදල් ලබාදී තිබේ.

එමගින් දළ වශයෙන් සතියකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් උපයාගෙන ඇත.

පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබූ කැමරා උපකරණට වලට අමතරව, ලිංගික කටයුතු සඳහා භාවිතා කරන උපකරණ මෙන්ම අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍යද තිබි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,23, 26 සහ 27 යන වයස්වල පස්වන්නන් බව හඳුනාගෙන ඇත.

menu
menu