පැය 48 න් මරු කැඳවන මාරාන්තික

පැය 48ක් ඇතුළත මිනිසුන් මරණයට පත් කළ හැකි දරුණු “මස් අනුභව කරන බැක්ටීරියාවක්” ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම මාරාන්තික බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් 1,000 කට ආසන්න පිරිසක් ජපානයෙන් වාර්තා වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ජපානයේ සෞඛ්‍ය නිලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එම බැක්ටීරියා ආසාදිත රෝගීන් 941 දෙනෙකු පසුගිය වසර තුළදී ජපානයෙන් වාර්තා වී ඇති අතර මෙම වසරේ ජුනි මාසය දක්වා කාලය තුළදී පමණක් එම බැක්ටීරියාව ආසාදිත රෝගීන් 1,000ක් පමණ ජපානයෙන් වාර්තා වී ඇති බවයි එරෙට ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසා ඇත්තේ. වර්තමාන තත්ත්වයන් අනුව, ජපානයෙන් වාර්තා වන එම මාරාන්තික බැක්ටීරියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාව මෙම වසර තුළ 2,500 දක්වා ඉහළ යා හැකි බවද එම ආයතනය පෙන්වා දී තිබෙනවා. එම ආසාදිතයින්ගේ මරණ අනුපාතය සියයට 30ක් විය හැකි බවටයි ජපාන ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය අනතුරු අඟවා ඇත්තේ. ටෝකියෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු පවසා ඇත්තේ බොහෝ මරණ පැය 48ක් ඇතුළත සිදු වන බවත් මිනිසුන්ගේ දුර්වල ප්‍රතිශක්තිකරණය මෙම තත්ත්වයේ වර්ධනය වීමට හේතු විය හැකි බවයි. මෙම බැක්ටීරියාව අසාදිත රෝගීන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර තුවාල වීම, ඔක්කාරය සහ වමනය වැනි මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. පසුව පැය 24 ත් 48 ත් අතර කාලය තුළදී අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම, අතපය වේදනාව , අඩු රුධිර පීඩනය වැනි බරපතල රෝග ලක්ෂණ එම රෝගීන් තුළ ඇති කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
menu
menu