සල්ලි මළු පිටින්ම පොලිසියෙන් ගන්න පුළුවන් අලුත්ම වැඩේ

පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල මාසයක කාලයට ඉහළ දමා තිබෙනවා.

අපරාධ මැඩලීම සඳහා සිදුකරනු ලබන විශේෂ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීම හේතුවෙන් එලෙස ත්‍යාග මුදල ඉහළ දැමූ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව පුද්ගලික ඔත්තුකරුවෙකු ලබාදෙන තොරතුරක් මත ස්වයංක්‍රීය ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී එම ඔත්තුකරුට ගෙවන මුදල රුපියල් පන් ලක්ෂයක් ඉහළ දමා තිබෙනවා.

පුද්ගලික ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරක් මත ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේදී ද අදාළ පුද්ගලික ඔත්තුකරුට රුපියල් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් ගෙවනු ලබන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එමෙන්ම පොලිස් නිලධාරින් විසින් සැකකරුවෙකු සමඟ ස්වයංක්‍රීය ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමකදී රුපියල් දෙලක්ෂ 50,000ක මුදලක් සහ ගිනි අවියක් පමණක් පොලිස් භාරයට ගැනීමකදී රුපියල් දෙලක්ෂයක ත්‍යාග මුදලක් ගෙවනු ලබනවා.

පුද්ගලික ඔත්තුකරුවෙකු ලබාදෙන තොරතුරු මත සැකකරුවෙකු සමඟ හෝ සැකකරුවෙකු නොමැතිව අර්ධ ස්වයංක්‍රීය අවියක් අත්අඩංගුවට ගැනීමේදී එම ඔත්තුකරුට ගෙවන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 03ක්.

එම ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් එක් ලක්ෂ 50,000ක ත්‍යාග මුදලක් සහ එම ගිනි අවියක් පමණක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරින්ට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ගෙවනු ලබනවා.

menu
menu