වයස අවුරුදු 40 ඉක්මවූවන්ට පුද්ගලයන් දැනුම්  දිමක්

ජාතික හැදුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය මාර්තු 31වන දින දක්වා කාලය ලබාදී තිබුණ ද ජනතාව ප්‍රදේශීය ලේකම්වරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නැවත එම අවස්ථාව ජූලි මස 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රදීප් සපුතන්ත්‍රි පැවසුවේ.

menu
menu