ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්  කණ්ඩායම ඉන්දීයාව ලඟටම එයි

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමගයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ පසුවුණා.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම පසුවන අතර දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

එහි තෙවන ස්ථානය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමටයි. සිව්වන ස්ථානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම පසුවනවා.

menu
menu