කුරුළු උණ ගැන ලංකාවට අනතුරු අඟවයි  හැමෝම පරිස්සමෙන්

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ වන විට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති කුරුළු උණ රෝගකාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් පැවැති සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා.

එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇති බවට වාර්තා වන බැවින් එය දරුණු තත්ත්වයක් බව ද අවධාරණය කළා.

එසේවුවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ පැවැති අන්දමට තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ හේතුවෙන් කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුටත් සඳහන් වන්නේ.

මේ අතර කුරුළු උණ ඉන්දියාව තුළ මෑතකදී හඳුනා ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවධානයෙන් සිටින ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

menu
menu