ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි වහාම ආරක්ෂික ස්ථානවලට යන්න

නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අරාබි මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවටයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් සදහන් වන්නේ
ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 65ත් 75ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ කළේ
menu
menu