අනියම්  පෙම්වතා සමඟ හොල්මන්  මන්දිරයේ සතුටු  වුණු  බිරිඳට සැමියා දැක මිනී පෙට්ටියේන්   නැකිටලා කරලා තියන වැඩේ

සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් සිටියදී එහි මිනීපෙට්ටියේ මෘතදේහය ලෙස සිටි විවාහක සැමියා ඇයව හඳුනාගැනීමෙන් එම ස්ථානයේ ගැටුමක් ඇතිවී තිබෙනවා .
එම අවස්ථාවේදී සැමියා විසින් අදාළ 21 හැවිරිදි බිරිඳට පහරදීමට තැත්කර ඇති අරත එහිදී ඇතිවූ ගැටුමේදී පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවූ පිරිසක්
අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්වී ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැති බවත් හෙළිවී තිබෙන්නේ
එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.
menu
menu