කාමරයේ දොර වසාගෙන උසස් පෙළ සිසුවා වෙඩි තබා ගනියි

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසනවා
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙක් බවයි පොලිසිය පැවසුවේ .
ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත් සිසුවෙක්
මෙම සිසුවා සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.
මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වී තිබේ. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.
menu
menu