ආරංචිය සුබ නැහැ  ගුරුවරුන්ට කඳුළු ගෑස් සහ ජල  ප්‍රහාර

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද උදැසන ආරම්භ කෙරුණු මෙම විරෝධතාවය සාමකාමීව පවත්වන ලෙසට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබුණා.
කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවය පොලිස් බාධක නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ අතර පොලිසිය සහ ගුරු විදුහල්පතිවරුන් අතර විටින් විට උණුසුම් තත්ත්වයන් ඇති වුණා
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව අප වාර්තාකරු සදහන් කළා.
menu
menu