බොලිවියානු ජනාධිපති මන්දිරය හමුදා වටලයි

දකුණු අමෙරිකානු රටක් වන බොලිවියාවේ බලය හමුදා කුමන්ත්‍රණයකින් අත්පත් කර ගැනීමට දැරූ උස්තහයක් ව්‍යර්ථ කර තිබෙනවා.

ඒ, ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි බලය අත් කර ගත් කැරළිකාර කණ්ඩායමේ හමුදා ප්‍රධානී ජෙනරාල් ජුවාන් හොසේ සුනිගා බොලිවියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

එක්වරම එරට අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට කඩාවැදුණු සන්නද්ධ රථ හා හමුදා සාමාජිකයින් එහි බලය අත් කර ගත්තා.

එහිදී අදහස් දැක්වූ කැරළිකාර හමුදා නායකයා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට තමාට අවශ්‍ය බවයි.

පසුව ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග හමුදා සාමාජිකයින් ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගියා.

බොලිවියාවේ හිටපු නායක ඉවෝ මොරාලස් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසු බොලිවියාවේ හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් ජුවාන් හොසේ සුනිගා ඉකුත් දා ධූරයෙන් පහ කෙරුණා.

menu
menu