මන්ත්‍රිණී සුදර්ශනී සජිත්ට සහය දුන් හේතුව

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ සහයෝගය ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය පැවසුවේ රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග එක්ව සිටින බවයි.

menu
menu