ජනපතිගේ ඡන්ද ලකුණ ගැන තීරණයක් ගනියි

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් ඊයේ රාත්‍රීයේ ද ජනාධිපතිවරයා සමඟ ඡන්ද ලකුණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවයි වාර්තා වුණේ.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වනවිටත් දේශපාලන කණ්ඩායම් රැසක් එක්වෙමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් පැවසුවේ.

menu
menu