පොහොට්ටු මන්ත්‍රී ධුර 92ක් අහෝසි වන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඔවුන් විසින් පක්ෂ තීරණයට පටහැනිව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය පළ කිරීම හේතුවෙන්.

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද පක්ෂයේ මහලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ලිපි යොමු කර ඇති බව ද සඳහන්.

menu
menu