සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ
හෙට දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපතිවරණයට අදාළ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.
කිසියම් අයෙකුට අත්‍යවශ්‍ය හේතුවක් මත නිවාඩුවක් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිරිවරයාගේ අවසරය ලබාගත යුතු බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.