රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක් - පුද්ගලයින් 41ක් මරුට

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 41 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එම ප්‍රහාරය එල්ලවී ඇති බවටයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ.

මේ අතර, චීනයේ ෂැන්ඩොංන්ග් ප්‍රදේශයේ සිදුවූ පාසල් බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මිය ගිය පිරිස අතර සිසුන් 05 දෙනෙකුද වන බවයි.

අනතුරෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

පාසල් ළමුන් රැගත් එම බස් රථය මාර්ගය අසළ රැඳීසිටි තවත් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩාවැදී එම අනතුර සිදුව ඇති බවයි චීන පොලීසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් පාසල් බස් රථයේ රියදුරා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

menu
menu