පළාත් පාලන මැතිවරණයට අලුතෙන් නාම යෝජනා කැඳවන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය



පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යෝජනාවකට අනුවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට ලබා දී ඇති නාමයෝජනා අවලංගු කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ අනුමැතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡන්ද දායකයින් ලෙස නව ලක්ෂ 35,000ක පිරිසක් අලුතින් ලියාපදිංචි වීම සහ තරුණ සහභාගීත්වය ඉහළ දැමීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද විවිධ අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග දැක්වූයේ මෙවන් අදහසක්.

menu
menu