පුපුරණ ද්‍රව්‍ය සමග සිව්දෙනෙක් පොලිස්  අත්අඩංගුවට

හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
හසලක පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බව පොලීසිය පැවසුවේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තියෙන්නේ
menu
menu