ජිවිත 23 ක් බිලිගත් පසු කෙන්යාවේ  බදු ප්‍රතිපත්තිය  හකුලා ගනී

කෙන්යාවේ ජනතාවගේ දැඩි විරෝධතාවය හේතුවෙන් එරට ජනාධිපති විලියම් රූටෝ ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්ති ඇතුලත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නව මූල්‍ය ප්‍රතිපත්තීන්වලට එරෙහිව පැවති විරෝධතා අතරතුර විරෝධාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ද කඩා වැදී හනි සිදු කලා.
පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 23 දෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
විරෝධතා මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති අතර කෙන්යාවේ ආරක්ෂක අංශ ජීව උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
menu
menu