ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලංකාවට

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන “ඇන්ටනෝව් - 124” දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා ඔවුන් සතු “එම්.අයි. - 17” වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහායි.

ඒ අනුව “ඇන්ටනෝව් - 124” ගුවන් යානය කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින අතර වර්තමානයේ එහි “එම්.අයි - 17” වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක් ද එහි සේවා සඳහා යොදවා තිබෙනවා.

ඉන් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යාවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව එම යානය එරටින් ඉවත් කිරීමට පෙර “එම්.අයි - 17” හෙලිකොප්ටර් යානයක් මෙරටින් රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

menu
menu