බන්ධනාගාරය ඇතුලේ ඉන්න හිරුණිකා ගැන මේ දැන් ලැබුණු ආරංචිය

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහායි.
කෙසේවෙතත් ඇය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම වාට්ටුවේ රඳවා සිටින්නේ තවත් රැඳවියන් සමඟයි.
සිරදඬුවම් නියම වීම හේතුවෙන් සිරකාරියන්ට නියම වී ඇති ඇඳුම ද ඊයේ දිනයේ බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේම ඇයට ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඇයට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක් නියම වී තිබෙනවා.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.
ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින්
ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා එහිදී නියෝග කළා.
menu
menu