විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්  ගැටුමට වර්ෂාව හරස් වෙයිද 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්‍රියේදී පැවැත්වෙනවා.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් මහා තරඟයට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින්නේ මෙවර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙස වීමද විශේෂත්වයක්.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට ඉන්දියාව මෙවර එක් වන්නේ තුන් වන වරටයි.
ඒ අනුව 2007 වසරේදී පකිස්තානයට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.
කෙසේවෙතත් 2014 වසරේදී ඉන්දියාව පරදා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.
දකුණු අප්‍රිකාව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට අද ක්‍රීඩා කරන්නේ පළමුවරට වීමද විශේෂත්වයක්.
මේ අතර එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට අද දිනයේත් කඩින් කඩ වැසි ක්‍රීඩාංගණයට ඇද හැලීමේ හැකියාවක් තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
menu
menu