වයෝවෘද්ධ කතක් අතවරයකට ලක්වීමේදී කෘතිම දත්ඇන්ද උගුරේ සිරවී 

බලන්ගොඩ මූනමලේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වයෝවෘද්ධ කතකට කිසියම් පුද්ගලයෙක් වූ අතවර කිරීමේදී ඇගේ කෘතිම දත්ඇන්ද ගැලවී එය උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇති බව බලංගොඩ පොලිසිය පවසනවා.

මෙම කාන්තාව මූනමලේ දොරවෙල ගඟ අසල ඉවුරේ තිබියදී ඊයේ පොලිසියට හමුවී තිබෙනවා

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, එය ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බවත් , සිද්ධියවන අවස්ථාවේ ඇය කෑ ගසා ඇති අතර කිසියම් පුද්ගලයෙකු ඇගේ කට මිරිකා සිටින අවස්ථාවේ ඇගේ කෘතිමදත්තන්ද ගැලවී, එය උගුරේ සිර වී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බළන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණපවත්වයි.

menu
menu