ප්‍රංශයේ මහ මැතිවරණයේ අලුත්  තත්ත්වය

ප්‍රංශයේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙවර ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ එරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 577ක් තෝරා පත්කර ගැනීම සඳහායි.

මෙම මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ පළමු වටයේදී සියයට 12යි දශම 05ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ඕනෑම අපේක්ෂකයෙකුට දෙවන වටය සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

ඒ අනුව දෙවන වටයේ ඡන්ද ප්‍රකාශ කිරීම ජූලි 07 වනදා සිදුකිරීමට නියමිතයි.

menu
menu