හිරුණිකා ගැන බන්ධනාගාරයෙන් ඇසෙන  හිත රිදෙන කතාව

සිරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රෝහල්ගත කිරීමේ සූදානමක් ඇත්දැයි මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
එමෙන්ම ඒ පිළිබඳ සමාජ මාධ්‍ය හරහාද විවිධ අදහස් පළ වනවා. එවන් පසුබිමක් තුළ ග මේ පිළිබඳ සොයා බැලීමක් අප සිදු කළා.
එහිදී අනාවරණ වූයේ බන්ධනාගාරගත වන කාන්තාවන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර රෝහල් වෙත යොමු නොකරන බවයි.
ඒ, කාන්තාවන්ට එම රෝහල්වල වෙනම වාට්ටු ස්ථාපිත කර නොමැති වීම හේතුවෙන්.
යම් හෙයකින් නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතු බන්ධනාගාරගත වන කාන්තාවන් ඇතුළත් කිරීමට සිදු වන්නේ රජයේ රෝහල් වෙතයි.
කෙසේවෙතත් බන්ධනාගාර වෛද්‍යවරුන් කාන්තා බන්ධනාගාර වෙත ගොස් එහි රඳවා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කරනු ලබනවා.
සුළු රෝගී තත්ත්වයක් නම් ඊට අදාළ ඖෂධද එහිදී නිකුත් කෙරෙනවා.
කාන්තාවන් බන්ධනාගාර රෝහල් වෙත රැගෙන යනු ලබන්නේ සායනික කටයුතු සඳහා පමණක් බවද කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණා
menu
menu