කොස් ගෙඩියක් කඩාගත් මවට පුතා කරලා තියන අපරාධය මෙහෙමත්  දරුවන්

දොඹගහවෙල, හෙරලිගස්යාය ප්‍රදේශයේදී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් සිය මවට ඇයගේ පුත්‍රයෙකු විසින් පහර දී තිබෙනවා.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ එම මව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරදුන් සැකකාර පුත්‍රයා සිය බිරිද සහ දරුවාද සමගින් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

menu
menu