වසර 3ක් සිපිරිගෙට නියම වු හිරුණිකාගෙන් අභියාචනයක්  

නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරිණ ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

ම ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එලෙස සිරදඩුවම් නියම කරනු ලැබුවා.

menu
menu