ලෝක කුසලානයෙන් හලපු චන්දිමාල් පිත්තෙන් උත්තර දෙයි කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින්
පරාජයටපත් කරමින්
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමෙින් පසු ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
එහිදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මාක් චැප්මන් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් රැස්කළා.
පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 03ක් බිඳ හෙලුවා
ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක් රැස්කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 46ක් රැස් කළා
menu
menu