ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව ගැන සිතා කොරියාව ගත්ත තීරණය

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 මට්ටමේ සිට 1 මට්ටම දක්වා සංශෝධනය කිරීමටයි දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.
දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කරන ලද ආරක්‍ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙලෙස සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කළ බවයි එහි දක්වා ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය වනු ඇති බවයි දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ
menu
menu