මහනුවර බෝම්බ බිය ඇති කළ පුද්ගලයාට  සිදුවුණු  දේ

මහනුවර අධිකරණ සංකිර්ණය තුල බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදුන් සිම්කාඩ් පතේ හිමිකරු ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය විසින් ගිනිගත්හේන පොලිසිය වෙත ලබාදුන් තොරතුරු මත ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දහවල් කාලයේදීයි.

පනස් තුන් හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ දුරකථනයක් නොතිබුණු බවත්, තම ජංගම දුරකථනය ඊයේ දහවල් අස්ථානගත වු බව ඔහු පවසා තිබෙනවා.

තවත් අවස්ථාවක සැකකරු පොලිසිය වෙත පවසා ඇත්තේ සිය ජංගම දුරකථනය වෙනත් අයෙකුට ලබාදුන් බවයි.

සැකකරුගේ ජංගම දුරකථනය සොයා ගැනිම සදහා ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සැකකරුගේ නිවස ද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ අද පෙරවරුවේයි.

පොලිසිය විසින් එලෙස සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ එම අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්ණාමික ඇමතුමකට අනුවයි.

menu
menu