පාසල් සිසුවිය සහ සිසුවා 67  වන මහලේ පැන්නද? ඇද වැටුනද  ?

කොළඹ කොම්පඤ්ඤ වීදියේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනාගේම වයස අවුරුදු 15ක් පමණ වූ බවයි.

ඔවුන් ඇද වැටී ඇත්තේ මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලෙන්.

පොලීසිය පැවසුවේ මෙම ළමුන් දෙදෙනාම එකම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති බවයි.

පිරිමි ළමයා වැල්ලවත්ත ප්‍රදේශයේ සහ ගැහැණු ළමයා කැලණිය ප්‍රදේශයේද පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා පළමුව මෙම නිවාස සංකීර්ණයේ පස්වන මහළට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් පාසල් නිල ඇඳුම් මාරු කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් දෙදෙනාගේ පාසල් බෑග්, සපත්තු සහ මුදල් පසුම්බි තරප්පු පේළිය මත තිබී සොයා ගත් බවද පොලීසිය සඳහන් කළා.

කෙසේවෙතත් මෙය අනතුරක් නිසා සිදුවූ ඇද වැටීමක්ද දිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලීසිය පැවසුවේ මෙම ළමුන් දෙදෙනාගේ මව්පියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

menu
menu