ජනපති ගුරුවරුන්  සැර දායි ⁣ළමයි එකක්  සෙල්ලම්  කරන්න  එපා

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවය.

"විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන... පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දීගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ සිසු සිසුවියන්ට විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ට

menu
menu