දන්සලේ හොදි කල්දේරමට වැටුණු දැරියට සිදුවුණු  අවාසනාවන්ත ඉරණම

පසුගියදා පවත්වන ලද බත් දන්සලක වෑංජන කල්දේරමකට වැටී බරපතළ තුවාල ලබා දින 10ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා
ඊයේ දිනයේදී අදාළ සිසුවිය මියගිය බව පානදුර දකුණ පොලීසිය පැවසුවේ
එසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක්
පොසොන් පොහොය නිමිත්තෙන් පසුගිය 23 දා පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා තිබුණා
ඊට පිසින ලද වෑංජන කල්දේරමකට දැරිය වැටී තිබේ.
ඉන් බරපතළ තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යැවු අතර දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
menu
menu